Sunday, August 5, 2012

Ritigala Mountain - Sri Lanka - රිටිගල රක්ෂිත වනාන්තරය









මහ වැව් දාගැබ් සිය ගණනක් ඉදිවු රජ ර‍‍‍‍ටේ වන වදුලින් ආවරණය වු රක්ෂිත වනාන්තර වලින් මුල් තැනක් රිටිගලවන පියසට හිමි‍‍‍‍‍වෙයි.‍‍‍‍‍‍සොබාදහමට ප්‍රිය කරන ඕනෑම ‍කෙ‍‍‍‍‍‍නෙකු‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ගේ සිත පිනා යන අපූරු සුන්දරත්වයක් මේ තුල ඇත.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දැඩි රක්ෂිතයක්ව ඇති මෙම කඳු ශිඛරයේ ඇති රූස්ස ගස් වලින්ද මෙහි ඉතිහාසය පිළිබිඹු වේ.

පිහිටීම

උතරු මැද පළෘතේ,අනුරධපුරයට නුදුරින් රිටිගල කන්ද පිහිටා ඇත.
පලුගස් වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් මායිම්ව රිටිගල පිහිටා ඇත.හබරණ අනුරාධපුර මාර්ගයේ ගලපිටිගල හා ගනේවල්පොල අතර දකුණු පසින් අක්කර 7200ක පමණ රමණීය භූමි භාගයක් මෙම වනපියසින් වැසී ඇත්තේය.
විදේශීකයන්ගේ පවා අවධෘනයට ලක්ව ඇත. රිටිගල කඳුකරය කඳු මුදුන් හතකින් සමන්විත වේ.ඒවා නම්,ආසියා කන්ද,බට කන්ද,කොඩිගල,උණ කන්ද,අඹරාපති කන්ද,පටලීය හින්න,කිරිවැල් හින්න ආදිය වේ.
600mක් (අඩි 2000ක්) පමණ උසින් යුත් රිටිගල වියළි කලාපයේ ඉහළම ස්ථානය ද වේ.
කිරිය ගස් වැව,කළුඑබේ,මොරගොඩ,මූරියා කඩවල,බමුණුගම,උල්පත,හීනුක්කිරියාව,ගලපිටිගල ආදි ගම්මාන 14කින් වටව මෙම වන පියස පිහිටා ඇත.
රිටිගල කන්දට පිවිසෙන්නට මුලින්ම ඇත්තේ කුඩා ගල් කුළු කිහිපයක් උඩිනි.ඒ සමඟම අපට හමු වන්නේ තරමක දිග පළලකින් යුතු ගැඹුර අඩි 30ක් තරම් වූ ගරා වැටුණු"බන්දා පොකුණ" නම් වූ සුවිශාල පොකුණයි.
ඉන් පසුව තැනින් තැන විසිරී පැතිරී ඇති ගල් පාලම්,පියගැට පේළි,කවාකාර වූ ‍ශෛලමය වේදිකා,ඔපමට්ටම් කරන ලදවිශාල ගල් පුවරු,සෙල්මුවා පහන්,තටාක,බෙහෙත් ඔරු,සල පතල මළු,සක්මන් මළු,කටාරන් කෙටූ ගල් ලෙන්,පතානගර හා ගල් කුළුණුය.
මේ සියල්ලක්ම අපට කියා පාන්නේ අපේ අතීත වාස්තු විද්‍යාවේ විස්මිත නිර්මාණාත්මක ශක්තියයි.එදා සිටි රජවරුනගේසංනිවේදි මානසික ගති ලක්ෂණයන්ය.
වසර 1500ක පමණ කාලයක් අද්විතීය වටිනාකමකින් යුක්ත ආරාමික සංකීර්ණයක් වශයෙන් පැවති රිටිගල 11 සියවසේදීචෝළ ආක්‍රමණයත් සමඟ ක්‍රමයෙන් නටඹුන් වන්නට විය.වනගත වීම නිසා වන සතුන්ගේ වාසස්ථානයක් බවට පත් වූ රිටිගල කන්දවර්තමානයේදී වනාන්තරයෙන් වැසී පවතී. මහාවංශයේ "අරිට්ඨ පබ්බත" යනුවෙන් දැක්වෙන්නේ රිටිගල බව ඉතිහාසඥයන්ගේ මතයයි. භාවනානුයෝගි භික්ෂූන් වහන්සේලා සඳහා යෝග‍්‍ය වූ නිසසල වනගත පෙදෙසක් වශයෙන් රිටිගල වැදගත්කම එහි දක්නට ලැබෙන නටඹුන් වලින්ද හෙළි වේ.

රිටිගල ලෙස හැඳින්වීම

  • මෙය රිටිගල ලෙස හැඳින්වීමට හේතු ගණනාවක් බලපා ඇත.
පාලි 'අරිට්ඨ පබ්බත' සංස්කෘත 'අරිෂ්ට පර්වත' යන්නෙන් සිංහලයට බිඳී එන්නට අතැයි සාමාන්‍ය‍යෙන් සැලකේ. 'රිටි' යනු පාලි 'අරිට්ඨ' යන්නෙන් බිදී ආ 'ආරක්ෂාව' යන අරුත් ඇති පදයකි. ඒ අනුව රිටිගල ආරක්ෂක පර්වතයකි. මහාවංශයේ 'අරිට්ඨ පබ්බත' ලෙස සඳහන් වන්නේ ‍මෙම ස්ථානයයි.
  • රිටිගල දක්නට ඇති 'රිටි' නැමති ගස් වර්ගය නිසා මෙම පර්වතය රිටිගල නමින් හඳුන්වන්නට ඇත යන්න තවත් මතයකි.
  • රිටිගල අඩතැන්නේ පිහිටි රිටක් මෙන් ඉහළට එසවී ඇති පර්වතයක් නිසා මේ නම ලැබෙන්නට ඇතැයි ද විශ්වාස කෙරේ.
  • රිටිගල යන නමේ 'රිටි' යන්නෙහි ගැබ්ව පවත්නා සැබෑ අරුත කුමක් වුව ද, එම වදන සිංහල භාෂාවේ පුරාතන වචනයක් බවවාග් විද්‍යාත්මක හා ඓතිහාසික සාධක ආශ්‍රයෙන් පැහැදිලි වේ.

ගවේෂණය කිරීම

ශ්‍රී ලංකාවේ පුරා විද්‍යාත්මක ගවේෂණ වල පුරෝගාමියෙක් වශයෙන් සැලකන එච්.සී.පී.බෙල් රිටිගල පිළිබඳ අවධානය යොමුකළ ප්‍රථම පුරා විද්‍යාඥයා වෙයි. රිටිගල කන්ද මුළුමනින්ම ගවේෂණය කොට එහි පැවති ලෙන් හා ශිලා ලිපි හඳුනා ගැනීමත්,නටඹුන් සොයා ගැනීමත් ඔහුගෙන් සිදු වුණු කාර්යන්ය.එම සියලු පුරා විද්‍යාත්මක තොරතුරු ඇතුලත් කොට සැලසුම් හා රූ සටහන් සහිතව බෙල්මහතා විසින් 1893 දී පළ කරන දී.
  1. "Ritigala kanda", sessional paper xxx viii Annual report -1893
  2. Archaeological survey of ceylon &plans and platesfor Annual Report-1893,
  3. Ancient Ruins of Ritigala
යන වාර්තා, රිටිගල පිළිබඳ අධ්‍යයනයකදී ඉතා ප්‍රයෝජනවත් වන මූලාශ්‍ර වේ.
එච්.සී.පී.බෙල් මහතා සොයා ගත් සෙල් ලිපියකට අනුව ක්‍රි.පූ. 119-109 සද්ධාතිස්ස රජුගේ දෙටු පුත් ලජ්ජිතිස්ස රිටිගල විහාරයක් සාදා ඇති බව සඳහන්වඇති අතර තවත් සෙල් ලිපියක වළගම්බා රජු විසින් රිටිගල අසල කුඹුරු යායක් කරවා භික්ෂු ශාසනයටපූජා කළ බව සඳයක් වේ.
දැනට අවුරුදු 2434ක් පමණ (ක්‍රි.පූ.437) දක්වා පැහැදිලි අතීතයක් කරා දිවෙන රිටිගල අපේ ඉතිහාසයේ මුල්ම රාජධානිය වන අනුරාධපුරයටත් පෙර පණ්ඩුකාභය කුමරුගේ සටන් මධ්‍යස්ථානයක්ව පැවතුණි. ඔහු සිය මාමාවරුන් සමඟ කළ සටනට මධ්‍යස්ථානය කර ගත්තේ මෙම කඳවුරයි. එමෙන්ම මීටත් පෙර විජය කුමරු තම්මැන්නාවේ සිට ආ ගමනේදී ඒ ගමන් මඟ රිටිගල අසලින් වැටී තිබුණුබව ද කියවේ.
මහා වංශයේ සඳහන් වන පරිදි ක්‍රි.පූ.833-835 පළමු වන සේන රජු පාංශුකූලික භික්ෂූන්ට මෙහි ආරමයක් කරවා දී ඇති බව දසඳහන් වේ.
කෙසේ වුව දමෙම රමණීය පරිසරය ඓතිහාසික හා ජන ප්‍රවාද වල එන තොරතුරුත් සමඟ සංසන්දනයෙන් යුතුව බැලීමේදී පෙනීයන්නේ හුදෙක් සමාධි සුවයෙන් කාලය ගත කළ භික්ෂුන් උදෙසා කර වූ තැනක් යන්නය.
රාම-රාවණ යුද්ධයේදී තුවාල ලත් රාමට ප්‍රතිකාර කිරීම සඳහා හනුමාන් විසින් භාරත දේශයේ සිට ඔසවාගෙන එන ලද බෙහෙත් පර්වතයෙන් කොටසක් රිටිගල මතට කඩා වැටී ඇතැයි යන්නද ජන ප්‍රවාදයේ එන්නකි.රිටිගල පුරා විසිරී ඇති ඉරරාජ,සඳරාජ,බිං කොහොඹ,වැනි දුර්ලභ ගනයේ බෙහෙත් පැළෑටි අද මෙම වනයේ ඇති බව සේවයේ නියුතු පුරා විද්‍යා නිළධාරිහු පවසති.

රක්ෂිත වනයක් වීම

1942 දී රිටිගල දැඩි රක්ෂිතයක් ලෙස නම් කෙරුණු අතර,එහි ශාක හා සත්ව විශේෂ රැක ගැනීම කෙ‍රෙහි විශේෂ අවධානයයොමු වන්නට විය.පුරා විද්‍යාත්මක කටයුතු සඳහා රිටිගල සංරක්ෂණය කිරීම නැවත වරක් ආරම්භ වූයේ,1960දී පමණ ආචාර්ය රාජා ද සිල්වා මහතාගේ මූලිකත්වය යටතේය.

වැදගත්කම

  • තෙත් කලාපීය දේශගුණ රටාවට සමීප දේශගුණික තත්වයක් ඇත.අවුරුද්ද පුරාම නොසිඳී ගලා එන සියුම් ජල උල්පත් ඇත.
  • ‍ඓතිහාසික නටඹුන් නගරයක් ලෙස වැදගත් වේ.
  • උද්හිද විද්‍යාත්මකව වැදගත් වේ.
ශාක විශේෂ රාශියක් මෙම වනයේ ඇත.පළු,වීර, මොර, අන්නාසි, දෙහි, දොඩම් වැනි නොයෙකුත් පළතුරු හා ඉතාම දුර්ලභවර්ගයේ අශෝක වැනි මල් වලින් සැදුම් ලත් මේ වන රොදෙහි තිත් කොහා, කහ කුරුල්ලා, වලි කුකුළා, ගිරවා, මයිනා, නීල බෙයියා, බට ගොයා, දෙමලිච්චා වැනි පක්ෂීහු ද විවිධ සමනල් වර්ග මෙන්ම අලි, කොටි, වලස්, මුව, ගෝන ආදි සිවුපාවෝ ද පිඹුරා, නයා, පොළඟා හා උරඟ සත්ව විශේෂයෝ ද එමට වෙති.
  • නූතන යුගයේ රිටිගල වැදගත්කම වඩාත් ඉස්මතු වූයේ එහි ඇති බ්‍රාහ්මි ශිලා ලිපි හේතු කොට ගෙනය.මිහින්තලේ,වෙස්සගිරිය, යන ස්ථාන වල දක්නට ලැබෙන ලෙන් ලිපි වලට නොදෙවෙනි වැදගත්කමක් රිටිගල සෙල්ලිපි වලටද හිමි වේ.
මෙරට සෙල් ලිපි අධ්‍යයනයේ ප්‍රමුඛයකු වූ සෙනරත් පරණවිතාන වැනි විද්වතුන්ගේ අවධානය ද රිටිගල කෙරෙහි යොමු වීමත්සමඟ මෙම ස්ථානයේ වටිනාකම තවත් වැදගත් වන්නට විය.
වර්ෂ 1980 සංස්කෘතික ත්‍රිකෝණයේ කටයුතු ආරම්භ වීමත් සමඟ,ඊට අයත් පෞරාණික ස්ථානයක් වශයෙන් රිටිගල වැදගත්කම යළිත් වරක් ඉස්මතු වූ අතර, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව යටතේ කැණීම් හා සංරක්ෂණ කටයුතු දැනට සිදු කරගෙන යනු ලැබේ.

Source -  Click here



Ritigala is located 188 km north-east of Colombo, at Ganewalpola, near Kekirawa/Maradankadawala of north-central plains of Sri Lanka.


Reaching Ritigala Sri Lanka


Ritigala can be reached from the turn-off from Habarana- Anuradhapura Road at a distance of 12km from Habarana. Another 5 km along a graveled yet motorable road leads to the foot of the mountain.

Ritigala Mountain at a height of 766 m above the sea-level is the highest mountain in the north-central dry plains of Sri Lanka. The mountain mass about three miles long and about two miles wide at its widest point is covered with dense jungle inhabited by wild Elephants, leopards and bears. It is the watershed of the Malwatu Oya which feeds the Nachaduwa tank and Kalueba Ela which feeds Huruluwewa. The Ritigala Mountain has been declared a Strict Natural Reserve in order to maintain its pristine environment. Ritigala mountain’s cloud cover and mist that cloth it most of the year round has resulted in a flora much more commonly found at the central hills of wet zone than those in the dry plains: the upper part of the mountain is well known for its flora, some of which are rare; it has also a range of wild orchids.

History of the Ritigala Mountain Sri Lanka


Ritigala is home to 70 rock caves that were believed to had been inhabited since the first century BC. Mahavamsa, the great historical chronicle of Sri Lanka narrates that Ritigala was known by the name of "arittha-pabbata" during the reign of Pandukabhaya (377-307 BC), the third king of Sri Lanka. Since then Ritigala had been, at intervals, a sanctuary for the kings at war against the Dravidian invaders to the island till the 7th century: King Dutugemunu (161-137 BC) and King Jetthatissa in the seventh century.

From the early days of Buddhism, monks had been living in natural caves or rock shelters. Rock inscriptions discovered at Ritigala indicate that gradually, the sanctuary became a monastic retreat for hermit (Pamsukulika) monks. An inscription found at the site records that the Ritigala monastery was founded by King Lanji Tissa (119 - 109 BC) who also dedicated a reservoir to the monastery The monastery complex built with the tradition of Padhanaghara Parivena was endowed by King Sena the first (846-866 AD) for the benefit of Pansukulika monks who practiced extreme austerity. By the 10th-12th century AD however Ritigala seems to have been abandoned by the hermit monks, taken over by the jungle and forgotten by the populace.

It is the ruins of this monastery that King Sena I (846-866 AD) built for the Pansakulika monks that the modern pilgrims see today. The Archaeological Department has sensitively restored many of the ruins.

Rediscovery of Ritigala Sri Lanka


At the end of the tenth century, Ritigala came under the barrage of south Indian invasions. By the 10th-12th century AD Ritigala seems to had been abandoned by the hermit monks and soon it retreated into the jungles and rediscovered in the late 19th century by James Mantell, a government surveyor. A couple of decades later, the first archeological commissioner in Ceylon H.C. P. Bell visited Ritigala and published a report on his archeological investigations.

Ruins of Buddhist Monastery


Entering the site of ruins of the monastery, the visitors come to a huge man-made reservoir with a circumference of 1,200 feet constructed by means of a bund across a valley down which two streams flow from the mountain. The inside is lined with stones meant to protect it and also to serve as steps for bathers. The top of the bund is also paved with large stones. The path to the ruins runs along the southern bank of the reservoir, crosses a bridge, passes a circus and then leads to the first buildings.

A short climb off the foot of the mountain takes the visitors to the ruins at Ritigala that are scattered over an area of about 120 acres. Turning right the visitors come a large rectangular building with a sunken and paved courtyard in its center with pillars around it: the refectory with grindstones and a stone trough. Just near the refectory is a large area enclosed by a wall which like most of the structures at Ritigala is made of huge finely cut and dressed slabs of stone. Within this area are two pairs of double platforms with stones fitted together hard and fast.

On the northern end of the enclosure wall is a path that leads down to a ravine then to a river where there is a stone bridge and a bathing enclosure. Returning to near the north-west corner of the enclosed area, the visitor finds a path leading westward through very thick forest. This paved path runs for about 1000 feet and has several flights of stairs interspersed by two roundabouts. The first of these roundabouts, roughly halfway along the path, is the largest, while the second smaller one is towards the end of the path. A little before the first roundabout a path leads off to the left to an impressive stone bridge, several double platforms and caves.

The double platforms are made out of huge slabs of beautifully cut stone and always occur in pairs, joined by a bridge. They are usually built on natural rock foundations and are always aligned in the same direction. Near the platforms are found urinal stones some of which are elaborate carved. In fact, the urinal stone is the only feature in Pansakulika monasteries with any decorations on them at all.

Source - Click here

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

 
Google Analytics Alternative